පරිසරයත් සෞඛ්‍යයත් සුරකින සනීපාරක්ෂක කසළ රදවන විධි ක්‍රමය සංවර්ධිත රටවල වුව ද ඉපැරැණි මුල් යුගයේ දී ' කසළ ' ජීවත් වන පරිසරයෙන් පිටත විවෘත පරිසරයට මුදා හැරීම සිදු විය. ගංගා , වැව් පොකුණු , ඇළ දොළ ආදිය අසල බැහැර ලීම සාමාන්‍ය දෙයක් විය. කල් යත් ම මීයන් ඇතුළු විවිධ කෘමීන් වර්ග හා විවිධ ලෙඩ රෝග බෝ වීමත් , පාරිසරික අලංකාරය නැති ව යැමත් , පරිසර දූෂණයත් සිදු විය. 1916 පමණ වන විට ඇමෙරිකාවේ නිව්යෝක් නගරය තුළ දෛනිකව ඒක පුද්ගල කසළ උත්පාදනය රාත්තල් 4.6 ක් වෙමින් ක්රමානුකූල ව එම අගය වැඩි වීම සිදු විය. එකල නගර යනු ලෙඩ රෝග බෝ කරන මධ්‍යස්ථාන බවට පත් විය. කොලරාව , පාචනය , ටයිෆොයිඩ් උණ , ඇදුම , නියුමෝනියාව , බ්‍රොන්කයිටීස් , පෙණහලු රෝග , මහාමාරිය , එම්ෆිසීමියාව වැනි දීර්ඝකාලීන රෝග බෝ වීම බහුල විය. බලධාරීන් ගේ අවධානය මේ සම්බන්ධයෙන් දැඩි ව යොමු වූ අතර , ලෙඩ රෝග හා අපද්‍රව්‍ය අතර සහසම්බන්ධතාව පර්යේෂණ මඟින් හඳුනාගැනීමට හැකි විය. අනතුරුව කසළ බැහැර ලීමේ විධිමත් උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු විය. 1800 ගණන්වල ප්‍රංශය විසින් කසළ බැහැර ලීමේ විධික්රම ප්‍රාථමික මට්...