පරිසරයත් සෞඛ්‍යයත් සුරකින සනීපාරක්ෂක කසළ රදවන විධි ක්‍රමය සංවර්ධිත රටවල වුව ද ඉපැරැණි මුල් යුගයේ දී ' කසළ ' ජීවත් වන පරිසරයෙන් පිටත විවෘත පරිසරයට මුදා හැරීම සිදු විය. ගංගා , වැව් පොකුණු , ඇළ දොළ ආදිය අසල බැහැර ලීම සාමාන්‍ය දෙයක් විය. කල් යත් ම මීයන් ඇතුළු විවිධ කෘමීන් වර්ග හා විවිධ ලෙඩ රෝග බෝ වීමත් , පාරිසරික අලංකාරය නැති ව යැමත් , පරිසර දූෂණයත් සිදු විය. 1916 පමණ වන විට ඇමෙරිකාවේ නිව්යෝක් නගරය තුළ දෛනිකව ඒක පුද්ගල කසළ උත්පාදනය රාත්තල් 4.6 ක් වෙමින් ක්රමානුකූල ව එම අගය වැඩි වීම සිදු විය. එකල නගර යනු ලෙඩ රෝග බෝ කරන මධ්‍යස්ථාන බවට පත් විය. කොලරාව , පාචනය , ටයිෆොයිඩ් උණ , ඇදුම , නියුමෝනියාව , බ්‍රොන්කයිටීස් , පෙණහලු රෝග , මහාමාරිය , එම්ෆිසීමියාව වැනි දීර්ඝකාලීන රෝග බෝ වීම බහුල විය. බලධාරීන් ගේ අවධානය මේ සම්බන්ධයෙන් දැඩි ව යොමු වූ අතර , ලෙඩ රෝග හා අපද්‍රව්‍ය අතර සහසම්බන්ධතාව පර්යේෂණ මඟින් හඳුනාගැනීමට හැකි විය. අනතුරුව කසළ බැහැර ලීමේ විධිමත් උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු විය. 1800 ගණන්වල ප්‍රංශය විසින් කසළ බැහැර ලීමේ විධික්රම ප්‍රාථමික මට්...
Posts
- Get link
- X
- Other Apps
අපද්‍රව්‍ය කළමනාකරණයේ නව ප්රවණතා මානව ශිෂ්ටාචාරයේ දියුණුවත් සමඟ මිනිසා ගේ එදිනෙදා කටයුතු පහසු වූවා මෙන් ම සංකීර්ණ ද වූයේ ය. කර්මාන්ත හා තාක්ෂණික දියුණුවත් සමග ම මේ සංකීර්ණ ජීවන රටාව තුළ මිනිසා ජීවන තරගයේ හිනි පෙත්තට නැගීම පිණිස කාර්ය බහුල විය. එදිනෙදා දිවි පැවැත්මේ භාවිතාවන් හා උපයෝගීතාවන් සංකීර්ණ වීමත් සමඟ පරිභෝජනවාදී සමාජ ක්‍රමය විසින් ගෝලීයකරණය ලෙසින් මුළු පෘථිවි තලය ම වෙළාගන්නාලදි. මෙලෙස අතීත මානවයා මුහුණ නො දුන් ගැටලු රැසකට නූතන මානවයාට මුහුණ දීමට සිදු ව ඇත. පරිසර දූෂණය , ගෝලීය උණුසුම ඇති වීම හා බැඳුණු කාලගුණික විපර්යාසයන් මේ අතර මූලික වේ. පරිසර දූෂණය හා බැඳුණු ප්‍රධාන සංඝටකය වන්නේ මිනිසා විසින් පරිසරය වෙත මුදා හරිනු ලබන අසීමාන්තික අපද්‍රව්‍ය පරිසරයේ දරාගැනීමේ හැකියාව ඉක්මවා යැමයි. එය ජලගෝලය , වායුගෝලය මෙන් ම ශිලා ගෝලය ද දූෂණය කිරීමේ දූෂකකාරකය වෙයි. අපද්‍රව්‍ය යනු ප්‍රයෝජනයට ගත හැකි හෝ අමුද්‍රව්‍ය කොටගත හැකි ද්‍රව්‍යයන් ඊට පැවතීමට නුසුදුසු ස්ථානයන්හි ප්‍රයෝජනයට ගත නො හැකි ආකාරයෙන් පැවතීම ය. සැම අපද්‍රව්‍යයක් ම ස්වාභාවික සම්පත්වලින් සැදුම් ලත් ද්‍රව...